යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8 ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම ආධාරය “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම සඳහන් කර සිටියා.

මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් විසින් ආපදාවට පත් වූ අය වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර, එම සංවිධාන හරහා ලබාදෙන යුරෝ ලක්ෂ 05 ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් කර ඇත.