ප්‍රේමනාත් දොලවත්ත.
හිටපු ජනාධිපතිවරුන්ගේ යුධ හමුදා ආරක්ෂාව ඉවත් කරා කියලා ඔය කියන විදියේ මුදල් ඉතුරුවක් තියෙනවද රාජ්‍ය භාණ්ඩාගාරයට. මෙය පැහැදිලිවම මේ ආණ්ඩුවට ඉතාමත් ඉක්මනින් පාරා වළල්ලක් බවට පත් වෙලා ජනතාවගේ අප්‍රසාදයට මේ ආණ්ඩුව පත්වෙනවා කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ හිටපු ජනාධිපතිවරුන්ගේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ රනිල් වික් රමසිංහ මැතිතුමාගේ ඒ ලබා දිය යුතු ආරක්ෂාව ලබා දෙන්න කියන කාරණය. මේ හුදෙක්ම මේ පළිගැනීමක් කරන්නේ.
ඉතින් ඒ නිසා මෙවැනි අදූරදර්ශී පළිගැනීම් කරන්න එපා කියන කාරණය ආණ්ඩුවට කියනවා. කරුණාකරලා අලුත් විදියට හිතලා නව ක්රමවේදත් එක්ක සංවර්ධනයට යොමු වෙන්න.