විදර්ශන කන්නන්ගර.

ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන මාරන්තික බස් අනතුරු වලින් ජනතාව පීඩාවට පමණක් නොව තමන්ගේ ජීවිත වලින් පවා සමු අරගෙන තියෙනවා. මෑත සිදුවෙච්ච ගැරඩිඇල්ල බස් අනතුර සහ ඊට කලින් එක දිගට වුන අනතුරු මත ජීවිත විශාල ප්‍රමාණයක් අසරණතාවයට පත්වෙමින් එක්කම ආබාධිත බවටද පත් වී තිබේ. මම හිතනවා මේ ප්‍රශ්නය ලංකාවේ සාමාන්‍යයෙන් පොදු මගී ජනතාව පමණක් නෙමෙයි ලංකාවේ පොදු පුරවැසියාටද තමන්ගේ දෛනික ජීවිතයට මූලික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා කියලා. අපි දැක්කා මෑත වෙච්ච මාරාන්ති අනතුරු බෝහෝමයකට එකම හේතුව වෙන්නේ මේ බස් අතර තියෙන බිහිසුරු තරඟය. එතකොට මේ තරඟය නවත්තන්න නම් යම් ආකාරයකට සුදුසු කාල සටහනක් ඇතුලේ මේ බස් රථ දිවීමේන් බස්රථ සම්බන්ධ තරඟය ඉවත් කරන්න පුළුවන්. ඊළඟට තමයි අපි දකිනවා බස් රථ වල රියදුරන් පාවිච්චි කරන මත්ද්‍රව්‍ය නවත්වන්න ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ.

වැඩිදුර විස්තර බැලීමට>>>>>>>