ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිතයට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය සහිත හෙල්මට් පමණක් මෙරට භාවිත කළ හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
සීට් බෙල්ට් සවි කිරීම සඳහා ඇතැම් වාහන හිමියන්ට කාලය ලබාදී තිබුණද, හෙල්මට් සම්බන්ධයෙන් එවැනි සහනයක් ලබා නොදෙන බවත්, මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේදී කිසිදු සම්මුතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ හොඳ ප්‍රමිතියෙන් යුතු හෙල්මට් ජනතාවට ලබාදීම ව්‍යාපාරිකයන්ගේ සමාජ වගකීමක් බවත්, මිනිස් ජීවිතවලට වඩා වටිනා දෙයක් නොමැති බවය.





