නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා මාර්ග ගත ගෙවීම් (online payment) පහසුකම් ලබාදීමේ අවස්ථාවක් අද(02) දින පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ දී පැවැත්විණ.
එහි ප්‍රධාන අමුත්තා වුයේ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ය.
රජයේ ඩිජිටල් කරන ජාතික වැඩසටහනේ තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස, නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා ආරක්ෂිත විනිවිද බවින් යුත් මාර්ගගත ගෙවීම් සේවාවක් හරහා ඩිජිටල් ආර්ථිකය සක්‍රීය කිරිම මෙහිදී සිදුකෙරිණ.
ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
නාගරික සංවර්ධන අධිකාරියේ https://fmis.uda.lk/login දරන මාර්ග ගත යෙදුම භාවිතාකර පෑලියගොඩ මැනිං වෙළද පොළේ දැනට ලියාපදිංචි වී සිටින 1400 අධික ව්‍යාපාරික පිරිසකට govpay හරහා සිය ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ පහසුකම් මෙයින් සැලසේ.







