ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්.එස්.පී. ජයරත්න නව විගණකාධිපති ලෙස අදාළ ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී එල්.එස්.පී. ජයරත්නගේ නම එම සභාව විසින් ඒකමතිකව අනුමත කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.