පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 30ක් පිටුපසින් පසුවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නියැලුණු ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 167ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 117ක් රැස් කරමින් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිති.

මීට අමතරව කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් රැස් කිරීමට සමත් විය. පාකිස්ථාන පන්දු යැවීම අඩාල කරමින් මොහොමඩ් අබ්බාස් ලකුණු 64කට කඩුලු 2ක් සහ සකිබ් ඛාන් ලකුණු 105කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූහ.