“පාරක් හදන්න පුලුවන් සියලුදෙනා කැමති නොවී, බෝක්කුවක් හදන්න පුලුවන්. එහෙත් අධ්‍යාපනය සංවේදී විෂයක්. ඒකට සියලු දෙනාගේ කැමැත්ත අවශ්‍යයි”

“අනාගතය ඔබයි, ඉගෙන ගන්න- හෙට දිනන්න” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව, මහනුවර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ඊයේ (17) මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී මෙසේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා විසිනි.

දැවැන්ත වැඩක් ඇරඹීමට උත්සාහ කරන විට දරුවන්ගෙන් කණ්ඩායමක් එයින් පිංටමං වෙනවා නම් එය කරගනු ලබන බරපතල අපරාධයක් බවත් ඒ නිසා මාස කිහිපයක් පසුවට දමා හෝ 6 වන ශ්‍රේණියේ මොඩියුලය පිළිබදව, සාකච්ඡා කර ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවත් මෙහිදී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී.

එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිසේත් ම නතර කරනු නොලබන බවත් 1 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ජනවාරි 29 දින ආරම්භ කරන බවත් ඉන්පසුව 6 වන ශ්‍රේණියේ ඇතිවී ඇති දෝෂය නිවැරදි කර, දෝෂය සිදු කළ අයට දඩුවම් ලබා දීමද සිදුකරන බවද මෙහිදී ඔහු විසින් සඳහන් කරන ලදී.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නතර කිරීමට කටයුතු කරන දේශපාලනික පුද්ගලියින් පස් දෙනෙකු පිළිබඳවද අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

ඒ අදාල වීඩීයෝව webnews අපගේ youtube නාලිකාව හරහා නැරඹිය හැක.