පන්නිපිටිය, දෙපානම ප්රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා වෙළෙඳසැලක අද (21) පෙරවරු 9.05ට පමණ ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථයක් එම ස්ථානයට පැමිණ ඇති අතර, ගින්න පාලනය කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
ගින්නෙන් වෙළෙඳසැලට සහ එහි තිබූ භාණ්ඩවලට අලාභහානි සිදු වී ඇති බව සඳහන් වේ. එහෙත් මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.



