තායිලන්තයේ බැංකොක් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බැංචැක් කෝපරේෂන් ආයතනයට අයත් Phra Khanong තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
එරට වේලාවෙන් පස්වරු 2.45ට පමණ පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන ඇත. විනාඩි 30ක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර නිවා දැමීමට හැකි වූ බව බැංචැක් සමාගම නිවේදනය කර තිබේ. සිද්ධියට හේතුව සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
පිපිරීමත් සමඟ බැංකොක් අහස පුරා කළු දුමාරයක් පැතිර ගිය අතර, අවට පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස බලධාරීන් උපදෙස් දී ඇත. දිනකට තෙල් බැරල් 120,000ක් දක්වා පිරිපහදු කිරීමේ ධාරිතාවක් ඇති මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කළ බව බැංචැක් සමාගම ප්‍රකාශ කර තිබේ.
සමාගමට දිනකට බැරල් 180,000ක පමණ ධාරිතාවකින් යුත් තවත් තෙල් පිරිපහදුවක්ද අයත් වේ. මීට පෙර 2012 වසරේ ජූලි මාසයේදීද මෙම පිරිපහදුවේම පිපිරීමක් සිදු වී ගින්නක් හටගත් නමුත් එම අවස්ථාවේ කිසිවෙකුටත් තුවාල සිදු නොවූ බව සඳහන් වේ.




