අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිතව තිබූ සුප්රසිද්ධ Macy’s ස්තුති දීමේ දින පෙරහැර (Thanksgiving Day Parade) කල් දමා තිබේ. මෙවර සිය 100 වැනි සංවත්සරය සමරන එම පෙරහැර බ්රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද, එය සෙනසුරාදා දක්වා කල් දැමීමට සංවිධායකයන් තීරණය කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
අධික වර්ෂාව සහ ප්රබල සුළං තත්ත්වයක් ඇති විය හැකි බවට ලැබී ඇති කාලගුණ අනාවැකි මත මෙම තීරණය ගෙන ඇත. ඉදිරි දිනවලදී නිව්යෝර්ක් ප්රදේශයට ප්රබල වෙරළාසන්න කුණාටුවක බලපෑම් එල්ල විය හැකි බවටද අනාවැකි පළ කර තිබේ.
නිව්යෝර්ක් නුවර අහස සිසාරා ගමන් කරන දැවැන්ත බැලුන් සහ ජනප්රිය චරිතවල හැඩයෙන් නිර්මාණය කළ බැලුන් හේතුවෙන් මෙම පෙරහැර ලොව පුරා ප්රසිද්ධියට පත්ව ඇත. මෙම පෙරහැර දෙවන ලෝක යුද සමයේදී අවසන් වරට අත්හිටුවා තිබූ අතර, කාලගුණ තත්ත්වයක් හේතුවෙන් පෙරහැරම මෙලෙස කල් දැමූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. කෙසේ වෙතත් 1971 වසරේදී අයහපත් කාලගුණය හේතුවෙන් පෙරහැරේ දැවැන්ත බැලුන් ගුවනට මුදාහැරීමෙන් වැළකී සිටීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණි.




