පැරණි රාජ්‍ය පද්ධතිය නව රජයකට ගැළපෙන ආකාරයෙන් පරිවර්තනය කිරීම වත්මන් ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ පවතින රාජ්‍යය පැරණි මෙන්ම දුර්වල පද්ධතියක් වන බැවින් එය වෙනස් කිරීම පහසු කාර්යයක් නොවන බවය.

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය “ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය” බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසූයේ පුද්ගලයෙකු උපයන දෙයෙහි සාධාරණ පංගුව ඔහුට ලැබිය යුතු බවය.

ගොවියාට ඔහුගේ පංගුවත්, වෙළෙන්දාට ඔහුගේ පංගුවත් ලැබිය යුතු අතර, කිසිවෙකුට අනෙකාගේ දෙයක් අවශ්‍ය නොවන නමුත් තමන්ට හිමි දේ අහිමි නොවිය යුතු බවද ඔහු පැවසීය.

තමන් උපයන දේ බෙදාගෙන පරිභෝජනය කරමින් තවදුරටත් නිෂ්පාදනය හා ආදායම් වැඩි කර ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ,
තමන්ගේ ශ්‍රමයේ ප්‍රතිඵලය තමන්ට ලැබීම සමාජවාදී ආර්ථිකයක මූලික ලක්ෂණයක් බවත්, ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය බලයක් සහ රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතු වගය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>