ඊයේ (22) දින පැවැති ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරේදී සිදු කළ වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩාගාරයට ජනතාව වෙනුවෙන් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයක් සුරක්ෂිතව තිබෙන බවයි.

ඉන්ධන මිල වැඩිවීම මුළු බරම ජනතාව මත පැටවූවේ නම් මිල ගණන් තවත් කිහිප ගුණයක් ඉහළ යා හැකි බවත්, එය දරන හැකියාව ජනතාවට නොමැති නිසා රජය මැදිහත් වී මාසිකව රුපියල් කෝටි ගණනක් වියදම් කරන බවයි.

ඉන්ධන මිල වැඩිවීමේ බලපෑම සමහර භාණ්ඩ හා සේවා මිලවලටත් බලපාන බැවින් තෝරාගත් ක්ෂේත්‍රවලට සහන ලබාදීම පිළිබඳව රජය සාකච්ඡා කරමින් සිටින වගත්. මෙහි අරමුණ ජනතාවට අවම බරක් පැටවීම හා අවම පීඩනයක් ඇති කිරීම වගත් එතුමා අවධාරණය කළේය.

ආර්ථිකය විවෘතව පවත්වාගෙන යාමට අඛණ්ඩ බලශක්ති සැපයුම අත්‍යවශ්‍ය වන අතර, මිල ගණන් ඉහළ ගියත් රජය අඛණ්ඩ සැපයුම තහවුරු කිරීමට කැපවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>