පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කර තිබේ.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වේ.
මේ අතර, පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබා දීමට රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද චාමර සම්පත් දසනායක අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බව වාර්තා වේ.



