අමාත්‍ය උපාලි පන්නිලගේ
බඩ ඉරිඟු වගා කිරීම සම්බන්ධයෙන් කොයිකා ආයතනයත් සමඟ අත්සන් කළ අවබෝධතා විමසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර කිහිපයේම අප රටට අවශ්‍යතරම් බඩඉරිගු නිෂ්පාදනයක් තිබණේ නැති බවත්, සාමාන්‍යයෙන් වසරකට අප රටෙහි බඩඉරිගු වාර්ෂික අවශ්‍යතාවය මෙට්රික් ටොන් හත් ලක්ෂ පනස් දාහක පමන බවත් 2023 වසරේ දී රටේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 60% ක් පමණ ආනයනය කිරිමට සිදුවු බවත්, ඒ සදහා ඩොලර් මිලියන 50 ක් 60 ක් පමණ වැයවු බවත්ය.
තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ නව අවබෝධතා ගිවිසුම මගින් ආනයනය සදහා වැය වන මුදල් සෑහෙන ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි වන බවත් එම මුදල් අපගේ ගොවිජනතාව වෙනුවෙන් යොදවා ඔවුන් ශක්තිමත් කර ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් සහාය ලබාදීම, ගොවීන්ගේ නිෂ්පාදන ත්‍රීපෝෂ සමාගම මගින් මිලදී ගැනීම මෙම අවබෝධතා ගිවිසුවා අත්සන් කිරීමේ අරමුණ වන බවයි.
කොරියා රජයේ කොයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 10 ක පරිත්‍යාගයක් ලැබුණු බව පැවසු අමාත්‍යවරයා අප රටේ ගොවීන් වෙනුවෙන් යෙදවීම ද ගැබිණි මවුවරුනට සහ පාසල් යන වයසේ දරුවන්ට ත්‍රිපෝෂ ලබාදිම තුළින් පොෂ්‍යදායි සමාජයක් නිර්මාණය සිදුවන බවද පැවසීය.
සම්පූර්ණ වීඩියෝ අපගේ යූටියුබ් චැනලයෙන් නරඹන්න >>>>>>





