ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය දෙසැම්බර් මස 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නොවැම්බර් 25 වැනිදා නිවේදනය කළේය.

නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.