කථානායක කාර්යාලයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස 2026 වසරේ සමස්ත අයවැය ප්රතිපාදන 2025 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 48.55කින් අඩු කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 277.95ක්ව පැවති සමස්ත වාර්ෂික ප්රතිපාදන රුපියල් මිලියන 229.4ක් දක්වා එනම් 17.47%කින් අඩු කර තිබේ.
පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ මුදල 2025 වසරේ රුපියල් මිලියන 269.1 සිට 2026දී රුපියල් මිලියන 175.15 දක්වා අඩු කර ඇත. එය රුපියල් මිලියන 93.95ක හෙවත් 34.9%ක අඩුවීමකි.
වියදම් සීමා කිරීම යටතේ ඉන්ධන සඳහා වෙන් කළ ප්රතිපාදන රුපියල් මිලියන 81 සිට මිලියන 31 දක්වා (61.7%කින්) සහ අනෙකුත් දීමනා සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 67 සිට මිලියන 30 දක්වා (55.2%කින්) අඩු කර ඇත. එමෙන්ම වැටුප් හා වේතන ප්රතිපාදන රුපියල් මිලියන 36 සිට මිලියන 28 දක්වාද, වාහන නඩත්තු වියදම් රුපියල් මිලියන 25 සිට මිලියන 20 දක්වාද පහත දමා තිබේ.
2026 නොවැම්බර් 20 වැනිදා වන විට සමස්ත අයවැය ප්රතිපාදනවලින් වැය කර ඇත්තේ රුපියල් මිලියන 86.31ක් පමණක් වන අතර, රුපියල් මිලියන 143.09ක් ඉතිරිව ඇත. පුනරාවර්තන වියදම් අංශයෙන් එදින වන විට වැය කර තිබුණේ රුපියල් මිලියන 81.78ක් වන අතර රුපියල් මිලියන 93.37ක් ඉතිරිව පැවතිණි.
2025 සම්පූර්ණ වසරේ කාර්යාලයේ සමස්ත වියදම රුපියල් මිලියන 98ක් වූ අතර, 2026 නොවැම්බර් 20 වැනිදා වන විට වාර්තා වූ වියදම ඊට සාපේක්ෂව රුපියල් මිලියන 11.69කින් අඩු මට්ටමක පවතී.





