එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ නිල ධුර කාලය එළඹෙන දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිත පසුබිමක, සංවිධානයේ මීළඟ නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය දැඩි අවිනිශ්චිතතාවකට පත්ව තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල් සතු නිෂේධ බලය හමුවේ නව ප්‍රධානියා නම් කිරීම වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයින් අට දෙනෙකු තරග බිමේ පසුවේ. ඒ අතරට එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) ප්‍රධානී රෙබෙකා ග්‍රින්ස්පන්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලානා නුසෛබා ප්‍රධාන තැනක් ගනිති.

මහලේකම් ධුරය සඳහා නිර්දේශ වීමට ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය භාවිතයකින් තොරව අවම වශයෙන් ඡන්ද 9ක් හිමිවිය යුතුය. කෙසේ වෙතත්, මේ දක්වා පවත්වා ඇති රහසිගත ඡන්ද විමසීම් අටේදීම කිසිදු අපේක්ෂකයෙකු ඒකමතිකව තෝරා ගැනීමට හැකිවී නොමැති අතර, රෙබෙකා ග්‍රින්ස්පන් ඉදිරියෙන් පසුවන බව වාර්තා වේ.

දෙසැම්බර් 31 වන විටත් නව පත්වීමක් සිදු නොවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ නිශ්චිත නීතිමය විධිවිධාන සඳහන් නොවීම හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ ඉදිරි තීරණ ගෝලීය අවධානයට ලක්ව ඇත.