ඉන්දියාව මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රු. මිලියන 600ක ආධාර ලබා දී තිබෙනවා.
ඒ සඳහා අවබෝධතා ගිවිසුම කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ අත්සන් කළ අතර, අමාත්‍ය නලින්ද ජයතිස්සද එක්ව සිටියා.
දෙමහල් ඒකකයක් ඉදිකිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම මෙම ආධාර වැඩසටහනට අයත් වන අතර, මෙය ක්‍රියාත්මක වීමත් සමඟ මන්නාරම රෝහලේ හදිසි ප්‍රතිකාර සේවාවල අඩුපාඩු, ප්‍රතිකාර ප්‍රමාදය සහ ඇඳන් ධාරිතාව පිළිබඳ ගැටලු විසඳනු ඇති.






