2027 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය වන 2026 නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන්ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරවද සම්මත විය.
කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව 2026 නොවැම්බර් 28 වැනිදා පස්වරු 6.20ට පමණ සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ 103 වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 85ක් සහ විපක්ෂව ඡන්ද 4ක් හිමි වූ අතර, ඒ අනුව වැඩි ඡන්ද 81කින් එම වැය ශීර්ෂය සම්මත විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ 103, 222 සිට 224 දක්වා, 304 සහ 325 යන වැය ශීර්ෂ එදින විවාදයට ගැනුණු බව සඳහන් වේ.
මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 225 වැය ශීර්ෂය සංශෝධන සහිතවද, 189, 226 සහ 320 යන වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරවද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි.




