අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 3,500ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලදී.

කහටගස්දිගිලියේ ඊයේ (13) දින පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ රැලියට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, ග්‍රාමීය මාර්ගවලට බොරළු දැමීම, මාර්ගවල ඇති වළවල් වසා දැමීම මෙන්ම ඇළ මාර්ග සහ බෝක්කු සංවර්ධනය කිරීමේ කටයුතුද මේ වනවිට සිදුකරමින් පවතින බවය.

රාජාංගනය සහ නොච්චියාගම ප්‍රදේශ ඇතුළු ප්‍රදේශවල ජනතාවට නළ ජලය ලබාදීම සඳහා රුපියල් මිලියන 31,000ක් වැය කරමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවද
එහි අවසන් ටෙන්ඩර් ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 450කට ආසන්න සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමට මුදල් වෙන් කර ඇති බවත්, අනුරාධපුර මහ රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ වැඩකටයුතුද ආරම්භ කිරීමට නියමිත බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>