පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර – ජාතික ජන බලවේගය.
නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියාය.
කොළඹ නගර සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමක පැවති සංවාදයකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
මේ සම්බන්ධයෙන් පොලිසියට තමන් උපදෙස් දුන් බව පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බවයි වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් වීමට කටයුතු නොකරන බවය.
