ඇමරිකාවේ ගෞතම බෞද්ධ විහාරයේ විහාරාධිපති සහ උන්වහන්සේගේ ප්‍රධාන කණ්ඩායම අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව “සාම පාගමන” (Walk for Peace) වැඩසටහන පිළිබඳ අද (17) දින පැවැති රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී.

මෙම වැඩසටහනේ කාලසටහන අනුව, 21 වනදා අත්තනගල්ල රාජමාහා විහාරයේදී ආගමික වැඩසටහන් ආරම්භ කරනු ලබන අතර, අනුරාධපුරේදී ශ්‍රී බෝධීන් වහන්සේ අභියසින් සංකේතමය ආරම්භය සිදු කරනු ඇත. එදින හවස රුවන්වැලි සෑය අභියසදී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

ඊට පසු දඹුල්ලේ නතරවී, අප්‍රේල් 22 වනදා දඹුල්ලේ සිට මාතලේ දක්වා පළමු පාගමන ආරම්භ කරනු ඇත. කිලෝමීටර් 47ක් පමණ දිගු මෙම ගමනේදී ජනතාව සමඟ සම්බන්ධ වී සාමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමට නියමිතය.

මෙම වැඩසටහනේ අරමුණ, ශ්‍රී ලංකාවේ ජනතාව අතර සාමය, සන්සුන්භාවය සහ එකමුතුව ප්‍රවර්ධනය කිරීම බව උන්වහන්සේ අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>