වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු – විදුහල්පතිවරු තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ අද (14) දිනයේ සිට මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු කරන බවය.

සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බවද ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

“අපි කැමකි මේක කඩිනමින් විසඳෙනවා නම්. ඒ වගේම අපි අද ඔන්ලයින් පෙත්සමක් අත්සන් කරනවා. ඒකට සම්බන්ධවෙලා මේ ගැටලුව විසඳන්න ආණ්ඩුවට බලකරලා කියන්න එකතු  වෙන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා. අපිට දැන් එළිමහනේ කරන ක්‍රියාකාරකම් සීමාකරන්න වෙලා තියෙනවා කොවිඩ් ව්‍යාප්තියත් සමග.”