කොරෝනා මර්දනය කිරීමෙන් ආණ්ඩුව අසාර්ථක බවත්, කොරෝනා පළමු රැල්ල මර්දනය කළ අනිල් ජාසිංහ, පබා පලිහවඩන, පාලිත අබේකෝන්, ලක්කුමාර් ප්‍රනාන්දු, ජයරුවන් බණ්ඩාර වැනි වෛද්‍යවරුන් වහාම ඒ සදහා කැදවන ලෙසත් ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධයක නිරත විය.

නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි සහ මුජිබර් රහුමාන් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

එහිදී ඔවුන් කියා සිටියේ කොරෝනා මර්දන බළකා ‌විසුරුවා හැර සෞඛ්‍ය ප්‍රධානීන්ට කොරෝනා මර්දනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවකි.