පළාත් අතර සංචරණ සීමා පනවා වත්මන් වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි බවත්, ආණ්ඩුව පළමුව මෙම වසංගතය සමාජගත වී අති බව පිළිගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කර සිටියේය.

එමෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බවත්, ආණ්ඩුව කටයුතු කරන්නේ ‘ස්කූල් වානා …ස්පා ඕනා… බණ අකැපයි… බාර් කැපයි…’ යන ප්‍රතිපත්තියේ පිහිටා බවද ඒ මහතා සදහන් කළේය.

උද්දච්ච ප්‍රබේදය, ලැජ්ජා නැති ප්‍රබේදය සහ මරිමෝඩ ප්‍රබේදය ආණ්ඩුවට වැළදී ඇති බවද ඒ මහතා කීය.