හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එදා පඹයා යැයි කියූ පුද්ගලයන් හට මේ වන විට ඩ්ලි සිරිසේන ඉදිරියේ පඹයන් වී සිටීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

වත්මන් රජයට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් නොමැති බවත් ගොවියා සූරාකෑමකට ලක් කොට කබලෙන් ලිපට ඇද දමා ඇති බවත් ඒ මහතා පෙන්වාදෙනවා.

ඔහු මේ අදහස් පලකර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ගොවියා ආරක්ෂා නොකිරීම මත මහා පරිමාණ වී මෝල් හිමියන අධික ලාභ ලබන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම රජය විසින් වී මෝල් හිමියා තර කරමින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාද සූරා ගෙන කෑමකට ලක් කරන බවත් ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රජයට කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

ගියවර තමන් නියෝජනය කළ රජයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තිබූ අතර හර්ෂ ද සිල්වාගේ මූලිකත්වයෙන් ශක්ති සහල් ව්‍යාපාරය ආරම්භ කළේ ඒ උදෙසා බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.