ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

මෙම උද්ගෝෂණය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පෙන්වාදෙනවා.

මේ සම්බන්ධයෙන් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වන විට වර්ජනය පටන්ගෙන දින 84ක් ගෙවී ඇති බවයි.

ගුරුවරු සහ විදුහල්පතිවරු පාසලට ගෙන්වා ගැනීමට නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් අදහස් පළකරමින් ඔහු සඳහන් කළා.