පාර්ලිමේන්තුව යළි කැඳවීම දෙසැම්බර් 18. – 13.12.2025

දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව, දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව කැඳවන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.