පෑලියගොඩ ගංගාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ධම්මසේනාපති භාෂාන්තරවිශාරද අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උළෙල ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

