ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව, 2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදිය හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.

