මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” විවෘත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (20) දින පස්වරුවේ දී විවෘත විය.

මෙම උයන විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණත් ඔහු එයට සහභාගී නොවීය.

රට හරිත කලාපයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමීව අක්කර 9කින් යුතු භූමි භාගයක මෙම සඳුන් අරන විහිදෙයි.

ශ්‍රී ලංකාවේ අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900ක් මෙහි ඇත.

ව්‍යායාම කිරීම‍, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ.

කාර්ය බහුල ජීවිතයෙන් මිදී පවුලේ සාමාජිකයින් සමඟ විවේකීව නිදහසේ කාලය ගත කිරීමට සුදුසු පරිදි සකසා ඇති මෙහි, පිරිසිදු ආහාරපාන ලබා ගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නැවතා තැබිය හැකි රථ ගාලක් ද තිබේ.

පොකුණු දෙකක් මැදින් ප්‍රවේශය තනා ඇති උද්‍යානය සෞම්‍ය ආලෝක රටාවන්ගෙන් රාත්‍රියේ දී විචිත්‍රවත් වේ. එහි තිබෙන උස් වේදිකාව සංගීත සංදර්ශන හා සංස්කෘතික උළෙලවල් හා විවිධ සංදර්ශන පැවැත්වීම සඳහා යොදා ගත හැකි ය.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට පළමු අදියරේ දී රුපියල් මිලියන 132ක් සහ දෙවන අදියර යටතේ රු.මි 162ක් වැය කරනු ලබයි. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 294කි.

May be an image of 2 people and people standing
May be an image of 3 people, people standing and outdoors
May be an image of one or more people, people standing and sky
May be an image of 1 person, standing and flower
May be an image of one or more people and people standing