අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලීසිය නව්‍යකරණයට ලක්කරමින් රථවාහන ගමනාගමන (Traffic) පද්දධතිය අලුත් කරීම සඳහා කමිටුවක් පත්කිරීමේදී යම් අකටයුත්තක් සිදිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අවධාරණය කරනවා.

අදාල ව්‍යපෘති වාර්තාව සභාගත කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම උපකරණ මෙරටට ගෙන්වනු ලබන සමාගමේ නිලධාරීන් අදාළ කමිටුවට පත්කර පොලිසියට වාර්ෂිකව දඩ මුදල් වලින් ලැබෙන මුදල් වලින් මාසිකව මුදල් ලබාගැනීමට කරනු ලැබූ සකච්ඡාවක හඬපට පවා තමන් සතුව පවතින බවයි.

එහිදී නැඟී සිටි අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට තමන් සුදානම් බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුව නොවී එළියේදී මෙම ප්‍රකාශය කරන්නේනම් ඒ සඳහා වන්දි මුදල් ලබාගැනීමට නඩු පවරන බවයි.