ආණ්ඩුව ඇතුලේ දෙදරීමක් තිබෙන බව දැන් ඔප්පු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පා.ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කරේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුවේ සිටින අයගේ ප්‍රශ්න තිබුණත් බලයේ රැදෙන්න, ආණ්ඩුව පවත්වාගෙන යන්න එකට සිටිගන්නා බැවින් පාර්ලිමේන්තු තුළදී ආණ්ඩුවක් පෙරලන්න අමාරු වුවත් පාර්ලිමේන්තුවෙන් පිට ආණ්ඩුව පරාජය කිරීමට ජනතාව පෙළගැසී තිබෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සදහන් කරනවා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,

“ඒක නිසා ඇතුලේ තිබෙන ජයග්‍රහණය එළියට ගිහින් ඒ ජයග්‍රහණය භුක්තිවිදින්න හැකියාවක් නැහැ.මොකද මේ රටේ බහුතරයක් ජනතාව අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ට ඡන්දය දුන්න ලක්ෂ 69යේ හිටපු පාවෙන ඡන්ද ලක්ෂ 29ක් 30ක් පමණ ඒගොල්ලන්ගෙන් දැන් ඉවත් වෙලා තියෙනවා.ඒක හින්දා අපිට විශ්වාසයි මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඇතුළේ කොහොම හරි රැදිලා හිටියට රටේ ජනතාව මේගොල්ලන්ට යන්න ඔනේ තැන,යා යුත්තේ කොහේටද කියලා ඉතාම නොදුරේදීම පෙන්වලා දෙයි”