“අපේ ගනුදෙනු රටාවන් සමාජයේ සංස්කෘතික බැඳීම් හා ඓතිහාසික ගොඩනැගීම් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා QR ගෙවීම් තුළින් නියෝජනය කළ යුතුයි”

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” අද (06) නිල වශයෙන් දියත් කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, QR ගෙවීම් පද්ධතිය සමාජය තුළ ගොඩනගා ගැනීමේ අභියෝග සහ අවශ්‍යතාව පිළිබඳව මෙසේ අවධාරණය කරන ලදී.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, QR ගෙවීම් පද්ධතිය සීමාකාරී ව්‍යාපාරික ගනුදෙනු සඳහා පමණක් සීමා කළහොත් ජනතාවට එය වැළඳගැනීමට අපහසු වන බවත්, එය සමාජයේ සම්පූර්ණ සංස්කෘතික රටාවන් සමග සම්බන්ධ කළ විට පමණක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>