Pfizerකොරෝනා මර්දන එන්නත් මාත්‍රා 78 ,000 ක් ලබන ජුලි මාසයේ මුල් සති 3 ඇතුළත මෙරටට ලැබීමට නියමිතව ඇතැයි , ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

අද (23) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ, සතියකට මාත්‍රා 26,000 බැගින් සති 3කදී එම මාත්‍රා ප්‍රමාණය ලබා දෙන බවට Pfizer සමාගම එකඟවී ඇති බවයි.

සමස්තයක් ලෙස මෙම වසර තුළදී එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ලබා දීමට ද සමාගම එකඟ වී ඇතැයි, රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.