ඊයේ දිනය වෙනවිට මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වෙනවිට,

සයිනොෆාම් එන්නත් මාත්‍රා 8,973,670ක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 949,105ක්

මොඩර්නා එන්නත් මාත්‍රා 758,282ක්

ෆයිසර් එන්නත් මාත්‍රා 243,685ක්

ස්පුට්නික් එන්නත් මත්‍රා 43,453ක් වශයෙන් සමස්ත මාත්‍රා 10,968,199ක් ජනතාවට ලබා දී ඇති බව සඳහන්.