සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් මෙරටට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.