ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී ඇතුළු කණ්ඩායම අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ කොළඹදී පවත්වා තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලයන්ගේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම ජාතික ජන බලවේගය නියෝජිතයින් විසින් ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද IMF නියෝජියින්ගෙන් විමසීම් සිදුකර තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Peter Breuer ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් සහභාගී වූහ.