ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කළ නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 25 වැනිදා සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවති අවසන් මහා තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම ශූරතාව හිමි කර ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 96ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 12.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය සම්පූර්ණ කළහ.