කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 21 වනදා ජනාධිපතිවරයාවත් ඉන් පසුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාවත් හමුවීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කුමණ පක්ෂයක් පැමිණිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳනොවැටෙන බවය.

රජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, 

“21 වනදා ජනාධිපතිතුමාව හමුවෙන්න අපි ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව එතුමාව හමුවෙනවා. සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන දේ දැම්ම කියන්න බෑ. අපේ ජනාධිපතිතුමා හමුවෙන්න අපිට පදනමක් ඕනේ නෑනේ. අපි බැසිල් රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කරනවා. කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම කියන්න තියෙන දේ ගිය සතියේ කිව්වා. ආයේ කතා කරන්න දෙයක් නෑ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු පොඩි ළමයි කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ. බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නෑ නේ. මොන පක්ෂයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නෑ.”