බසිල් රාජපක්ෂ හට මුදල් අමාත්‍ය ධූරය ලබාදීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට ප්‍රකාශයක් සිදු නොකළ බවත් වගකිව යුතු පක්ෂයක් ලෙසට එවැනි ප්‍රකාශයක් කිසිඳු දිනක සිදු නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඒ. එම පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ගම්මන්පිළ අමාත්‍යවරයා විසින් ඉන්ධන මිළ වැඩි කිරීමක් හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට රජය පත්කිරීම සම්බන්ධයෙන් තමන් විසින් නිකුත් කළ ලිපියෙහිද එවැන්නක් සඳහන් නොවන බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

තම පක්ෂය එවැනි පටු තැනක නොමැති බවත් ඉන්ධන මිල අඩු කළ හැකි නිශ්චිත දිනයක් සඳහන් නොකළ හැකි බවත් ඔහු පවසනවා.

එමෙන්ම, හැකි විගසින්ම ඉන්ධන මිල අඩු කරන නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවන විටම ඉන්ධන මිල අඩු කළ හැකි බවක් ද තමන් ප්‍රකාශ නොකරන බවයි ඔහු පවසන්නේ.