ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඊයේ (20) පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සහභාගීව තිබෙන අතර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සමග පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි වී ඇඇති බවයි වාර්තා වන්නේ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන් කෙළවරපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් පවසනවා.