කැනඩාවේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කිරීමට එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්වී තිබේ.

2015 වසරේ සිට කැනඩාවේ අග්‍රාමාත්‍යධූරය දරන ටෲඩෝ මෙම ජයග්‍රහණය සමඟ යළිත් අගමැත්ධූරයට පත්වීමට නියමිතයි.

මන්ත්‍රීවරු 338 දෙනෙකුගෙන් සමන්විත කැනඩා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බලය දිනාගැනීම සදහා පක්ෂයක් විසින් ආසන 170ක් දිනාගතයුතු වන අතර මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව ආසන 156ක බලය ලිබරල් පක්ෂය විසින් දිනාගෙන සිටියි.

මහමැතිවරණයකට යාම සඳහා කාලය ඉතිරිව තිබියදී වසංගත පාලනය සහ නැවත ආර්ථිකය ඉදිරියට ගෙනයාම සදහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසීමට මෙම මැතිවරණය පැවැත්වූ බවත්, ජනතාව සිය පක්ෂයට පැහැදිලි ජනවරමක් ලබාදී ඇති බවත් ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.