බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට අභියෝගයක් වෙමින් තමන් ගම්පහ දිස්ත‍්‍රික්කයට පැමිණෙන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

ස්වාර්ණවාහිනී නාලිකාවේ ‘ඉර’ වැඩසටහනට සහභාගීවෙමින් ඔහු සදහන් කළේ එළැඹෙන මැතිවරණයේදී ගම්පහ දිනන අභියෝගය තමන් භාරගන්නා බවයි.

” බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රමාණය හය ලක්ෂ විසිදාහයි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ 17ක්. මම බදුල්ලේ ගෙයක් හදාගෙන හිටියේ. මගේ හදවත තියෙන්නේ බදුල්ලේ. දේශපාලනය ඇතුලේ ජේ. ආර්. ජයවර්ධන කැළණියට ගියා. ලලිත් ඇතුළත්මුදලි රත්මලානේ හිටියා. අගලවත්තේ හිටියා. මහින්ද රාජපක්ෂ හම්න්තොට සිට කුරුණෑගලට ගියා. සජිත් ප්‍රේමදාස හම්බන්තොට සිට කොළඹ ආවා.
මම ලංකාවේ දේශපාලනය කරන්නේ අභියෝග වැඩිම තැන. දැන් අභියෝගය වැඩියෙන්ම තියෙන්නේ ගම්පහ. මම ශෂීන්ද්‍ර රාජපක්ෂ එක්ක අභියෝගය ගත්තා. මම ගම්පහට ඇවිත් තවත් අභියෝගයක් ගන්නවා. ගම්පහ ශක්තිමත් කළ යුතුයි. ජාතික වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික්වල ඡන්ද ලංකාවේ වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් එක්වන තැනක්. ගම්පහ ඡන්ද ලක්ෂ දාහතක් තියෙනවා.”