ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 රටවල නායකයින් එම පියවර ගෙන ඇති බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී සහය දැක්වීමට සැලසුමක් සකස් කිරීම සඳහා ජී 7 නායකයින් අපේක්ෂා කරන බවය.

ඒ, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදුකරන බලපෑම් හේතුවෙනි. මෙම සමුළුවේදී අමෙරිකාව, චීනයේ ණය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත විවේචනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.