අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) ජාතික අපරාධ තොරතුරු මධ්‍යස්ථානයේ පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ මෙම හැකර් ප්‍රහාරය පිළිබඳව තමාට තොරතුරු වාර්තා වී ඇති බවත්, “සමහරවිට අපි වෙනත් ආකාරයකින් ඉගෙන නොගත් දේවල් ඉගෙන ගනිවි” යනුවෙන්ද ඔහු පැවසූ බවය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, පසුගිය සතියේ එක්සත් ජනපදයේ බැංකු, ගුවන් ගමනාගමන පාලන ඇතුළු අනෙකුත් අංශවලට බලපෑ තාක්ෂණික ඇනහිටීම් මාලාවකින් පසු FBI දත්ත බිඳ වැටීමක් සිදු වී ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, එම බිඳ වැටීම සයිබර් ප්‍රහාරයකින් සිදු නොවූ බව නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.