දිවුලපිටිය, වැවගෙදර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසා තිබේ.
නොවැම්බර් 16 වැනිදා එම මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව නිව්ස්ෆස්ට් වාර්තාව සඳහන් කරයි.
ගින්නෙන් සිදු විය හැකි වායු දූෂණය මෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතුවෙන් අවට පරිසරය දූෂණය වීම වැළැක්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




