දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය

පසුගිය දශකයක වගේ කාලය පුරාවට අන්තර්ජාලයේ ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය වගේම ඒක පුද්ගල ආදායමේ වැඩි වීම වගේ විවිධ හේතු නිසා අපේ සමාජය දැවැන්ත වෙනස්කම් වලට භාජනය වුණ බව අපි හැමෝම දන්න සත්‍යයක්. මේ වෙනස්කම් එක්ක අපේ ජීවන විලාසිතාවත් වෙනස් වෙලා. මේ විදියට අපේ ජීවිතවලට සිදුවුණු එක් සාධනීය වෙනස්කමක් විදියට සෞඛ්‍ය සම්පන්න වීම ගැන උනන්දුවක්...