සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි 20 තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණි. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. 

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය